කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීම හේතුවෙන්, හොං කොං සහ චීනයේ කාන්තාවන් පිරිසක් සාම්ප්‍රදායික නොවන වෙනස්ම මාවතක් තෝරාගෙන තිබේ.
වසර 15ක් කළමනාකාරීත්ව තනතුරක සේවය කළ පරිගණක වැඩසටහන් නිර්මාණකාරිනියක වන 40 හැවිරිදි ඇලිස් හුවාං, පරිගණක යතුරු පුවරුව වෙනුවට කාර්මික විදුලි මෙවලම් අතට ගනිමින් පසුගිය මැයි මාසයේදී **’Qiangqiang Women Workers’** නමින් කාන්තාවන්ගෙන් පමණක් සමන්විත නිවාස අලුත්වැඩියා සේවාවක් ආරම්භ කළාය.
මෘදුකාංග සහ තාක්ෂණික රැකියා ක්ෂේත්‍රය AI තාක්ෂණය මඟින් වේගයෙන් ආක්‍රමණය කරමින් සේවකයින් ඉවත් කිරීම හමුවේ, ශාරීරික ශ්‍රමය මත පදනම් වූ මෙම නව වෘත්තීය මාරුවට යොමු වීමට ඇයට සහ ඇය වැනි තවත් කාන්තාවන්ට සිදුව තිබේ.
















