කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග එම ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට අද (25) උදෑසන වන විට ළඟා වී ඇති බව ජලාශභාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කරති.
කාසල්රි ජලාශය:** පිටාර මට්ටමට අඩි 6ක් දක්වා ළඟා වී ඇති අතර, ගත වූ පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 6.3 කි.
මාවුස්සාකැලේ ජලාශය:** පිටාර මට්ටමට අඩි 4.1ක් දක්වා ළඟා වී ඇති අතර, ගත වූ පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 9 කි.
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග ගාඩ්මෝර්, මරේ දිය ඇල්ල සහ මෝහිණි ඇල්ල යන දිය ඇළිවල කඩා හැලෙන ජල ධාරිතාවද මේ වන විට ඉහළ ගොස් තිබේ.














