(කිරින්ද – කොළඹ) මාර්ගයේ කොග්ගල කබලාන හන්දිය ආසන්නයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය පසෙක තිබූ විදුලි කණුවක ගැටීමෙන් අද (25) අලුයම අනතුරක් සිදුව තිබේ.
අලුයම කාලයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමට සහ වාහන ගමනාගමනයට යම් මට්ටමක බාධා මතුව ඇති අතර, අදාළ බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගනිමින් පවතියි.














