බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇත.
ජලසම්පාදන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල අපතේ යාම සහ ආදායම් නොලබන ජලය (NRW) අවම කිරීම මෙන්ම ජල පිරිපහදු මධ්‍යස්ථාන හා පොම්පාගාරවල ධාරිතාව වැඩි කිරීම සඳහා කඩිනම් අවධානය යොමු කළ යුතු ප්‍රධාන ඉලක්ක 60ක් මෙහිදී හඳුනාගෙන තිබේ. ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ ඇතුළු කාලගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හදිසි ප්‍රතිචාර හා අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් ජනතාවට විශ්වාසනීය පානීය ජල සේවාවක් ලබාදීමට නියමිතය.














