ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.67ක් සහ විකුණුම් මිල රුපියල් 353.17ක් ලෙස සටහන්ව තිබේ. ඊයේ (21) දිනයේදී 2023 මාර්තු 02 දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගයන් සනිටුහන් කරමින් ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63ක් සහ විකුණුම් මිල රුපියල් 354.03ක් ලෙස වාර්තා වී තිබූ අතර, ඊට සාපේක්ෂව අද දිනයේදී ඩොලරයේ අගයෙහි යම් වෙනස්වීමක් දැකගත හැකිය. මේ අතර මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් දෙස බැලීමේදී ද එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් අද දිනයේදී වාර්තා වී තිබීම සුවිශේෂී වේ.
ඊයේ දිනයේදී මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.00 සීමාව දක්වා ඉහළ ගොස් තිබූ නමුත්, අද දිනය වන විට ඇතැම් බැංකුවල එම අගය රුපියල් 349.00 දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ. වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය අනුව විවිධ වාණිජ බැංකු අතර ඩොලරයක විකුණුම් මිල රුපියල් 349 සිට රුපියල් 354 දක්වා වූ මිල පරාසයක විහිදී පවතී. අද (22) පෙරවරුවේ මෙරට ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.
ලංකා බැංකුව රුපියල් 340.75ක ගැනුම් මිලක් සහ රුපියල් 349.75ක විකුණුම් මිලක් සටහන් කර ඇති අතර, මහජන බැංකුව ඩොලරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 343.95කට සහ විකුණනු ලබන්නේ රුපියල් 354.24කටය. සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 343.50ක් සහ විකුණුම් මිල රුපියල් 352.50ක් වන විට, කොමර්ෂල් බැංකුව රුපියල් 343.09ක ගැනුම් මිලක් සහ රුපියල් 354.25ක විකුණුම් මිලක් දක්වා තිබේ. මීට අමතරව හැටන් නැෂනල් බැංකුව (HNB) රුපියල් 344.50ක ගැනුම් මිලක් සහ රුපියල් 353.00ක විකුණුම් මිලක්ද, සෙලාන් බැංකුව රුපියල් 342.75ක ගැනුම් මිලක් සහ රුපියල් 354.75ක විකුණුම් මිලක්ද අද දින සඳහා නියම කර ඇත.














