මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදුවන අඛණ්ඩ ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 7ක මට්ටම දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි. ගෝලීය වශයෙන් පවතින ඉන්ධන අර්බුදය සෘජුවම මෙරට ආර්ථිකයට සහ දේශීය භාණ්ඩ හා සේවා මිල කෙරෙහි බලපෑම් එල්ල කරන බැවින්, ජනතාවට සහ ව්‍යාපාරවලට ඉදිරියේදී ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















