ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජූනි මාසයේදී මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත මැදිහත් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව, 2026 ජූනි මාසයේදී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 96.3ක් මිලදී ගෙන ඇති අතර, එම කාලසීමාව තුළ ඩොලර් මිලියන 25.8ක් වෙළෙඳපොළට විකුණා ඇත. ඒ අනුව, පසුගිය ජූනි මාසයේදී මහ බැංකුව සිදු කර ඇති ශුද්ධ ඩොලර් මිලදී ගැනීම ඩොලර් මිලියන 70.8කි.
මීට පෙර 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 223.3ක් මිලදී ගෙන ඩොලර් මිලියන 12ක් විකුණා තිබූ අතර, එහිදී සිදුකළ ශුද්ධ මිලදී ගැනීම ඩොලර් මිලියන 211.3ක් ලෙස වාර්තා විය. එම ප්‍රමාණය ආර්ථික අර්බුදයෙන් පසු මහ බැංකුව තනි මාසයක් තුළ සිදු කළ විශාලතම ඩොලර් මිලදී ගැනීම ලෙස ද සටහන් විය.














