බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් පනතේ 30 වැනි වගන්තියට අනුව එහි II කොටස යටතේ සඳහන් වැරදි සහ 23(අ)(1) වගන්තිය යටතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් ජගත් තිලකසිරි පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.















