ශ්‍රී පාදස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මෙතෙක් කිසිදු පාරිසරික අනුමැතියක් ලබා දී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් තහවුරු කළේ මෙම ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පාරිසරික බලපත්‍රයක් හෝ අනුමැතියක් නිකුත් කර නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ සංචාරක යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බවට මීට පෙර වාර්තා පළ විය. කෙසේ වෙතත් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවත් ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















