27 April 2024
#දේශීය

මාතලේ සුලු අපනයන බෝග වගාවන් වෙනුවෙන් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර – රාජ්‍ය ඇමැති රෝහණ

සුලු අපනයන බෝග ඇතුලු අනෙකුත් බෝග වගාවන් සඳහා කර්මාන්ත ශාලා මාතලේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව රත්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධිකරණ කමිටු රැස්විමට ඉකුත්දා සහභාගි වෙමිනි.

සුලු අපනයන බෝග ඇතුලු අනෙකුත් බෝග වගාවන් සදහා වැඩි විභවතාවයක් ඇති රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය කේන්ද්‍රකරගෙන චිනය සදහා අගයදාම වැඩි කළ අපනයන බෝග අපනයන කිරිමේ සෘජු වැඩපිළිවෙලක් සදහා චින රජය සහ ලක් රජය සමග වෙළද අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබු බවත් එමගින් කර්මාන්ත ශාලා කිහිපයක් මාතලේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ” රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මිරිස්,කරාබු,කෝපි,කුරුදු ඇතුලු අපනයන බෝග සහ අනෙකුත් ආහාර බෝග වගා කිරිමට විශාල අවශ්‍ය පාරිසරික සහ වෙනත් සාධක තියෙනවා.අපි කාලයක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් දේශිය වෙළදපොල ඉලක්ක කරගෙන මෙම කටයුතු සිදු කරමින් සිටිනවා. මේ වන විට රටේ ආර්ථිකය හොද අතට ක්‍රම ක්‍රමයෙන් හැරිගෙන එනවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිනයේ සිදු කළ සංචාරවලදි ගිවිසුම් රැසකට අත්සන් තැබුවා.ඊට සමගාමිව චිනයේ චන්දු නගරය හා මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගෙන මාතලේ ඇති අපනයන බෝග අගය එකතුකරමින් අපයනයම ඉලක්ක කරගනිමින් භාණ්ඩ නිෂ්පාදනයටත් ආහාර බෝග ඇතුලු අනෙකුත් දේවල් ලෝක වෙළදපොළ ජයගත හැකි නවින තාක්ෂණය යොදා ගනිමින් ඇසුරුම් ක්‍රම සිදු කර අපනයන කිරිමට හැකිවන පරිදි නිෂ්පාදන සිදු කිරිමට අප ගිවිසුම් කිහිපයක් අත්සන් කළා.අද වන විට අපි ඉන්නේ ප්‍රාථමික ක්‍රම මගින් සිදු කරන නිෂ්පාදනයි.මාතලේ කියන්නේ විශාල විභවතායක් ඇති දිස්ත්‍රික්කයක් මේ සියල්ල අපට චිනය සදහා අපනයන කරන්න පුළුවන්.ඉදිරි දිනෙක චින අයෝජකයින් පිරිසක් මාතලේට පැමිණෙනවා.ඔවුන්ට අපේ නිෂ්පාදන සහ බෝගයන් පිළිබදව අවබෝධයක් ලබා දි කර්මාන්ත ශාලා මාතලේ ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.මේ තුළින් මාතලේ ජනතාවගේ ආර්ථික මට්ටම වැඩිවෙනවා වගේම.අපේ රටට විදේශ විනිමය විශාල ලෙස ලැබෙනවා.අද වන විට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් සිදු කරනවා.අප යැපුම් මානසිකත්වයෙන් ඉවත් වි අපේ නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රටේ දළ දේශිය නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කළ යුතුයි.මේ සදහා අපට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබා දිමට කටයුතු කරන බව” යැයි ද අමාත්‍යවරයා පැවසිය.

මාතලේ අතිරේක දිසාපත/රත්ත‍ොට වැඩබලන ප්‍රාදේශිය ලේකම් එල්.රියාල්දින් මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *