රක්ෂණ ක්ෂේත්රයේ ආයතනික කළමනාකරණ හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින් සහ ශාඛා කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින්, ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන සෙලින්කෝ ලයිෆ්හි අට දෙනෙකුගෙන් යුත් අලෙවි නායක කණ්ඩායමක් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති විශේෂ සිව්දින නායකත්ව පුහුණු වැඩසටහනක් සඳහා සහභාගී වී තිබේ. ‘ඉදිරියට යොමු වන්න, ගොඩනඟන්න’ යන තේමාව යටතේ ක්රියාත්මක කරන ලද මෙම පුහුණු වැඩසටහන හරහා වෘත්තීය මට්ටමේ ඩිජිටල් සම්බන්ධතා පුළුල් කරගැනීම, කාර්යසාධන කළමනාකරණය ප්රශස්ත කිරීම මෙන්ම විකුණුම් ක්රියාවලියට සක්රීය දායකත්වයක් සපයන ඵලදායී කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව අලෙවි නායකයින් ප්රායෝගික උපායමාර්ගවලින් සන්නද්ධ කරනු ලැබීය.
ග්රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් නියෝජිතයින් සමඟ එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරනු ලැබූ අතර, එහිදී ජාත්යන්තර රක්ෂණ වෙළෙඳපොළේ නව ප්රවණතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සෙලින්කෝ ලයිෆ් නියෝජිතයින්ට කදිම අවස්ථාවක් උදා විය. තරගකාරී ව්යාපාරික වටපිටාවක් තුළ පාරිභෝගික සේවාවන් වඩාත් විධිමත් කරමින් සමාගමේ අලෙවි ජාලය පුළුල් කිරීමේ අරමුණින් මෙවැනි ජාත්යන්තර මට්ටමේ නායකත්ව පුහුණු වැඩසටහන් ඉතා වැදගත් වන බව ආයතනික අංශ පෙන්වා දෙයි. දේශීය රක්ෂණ ක්ෂේත්රයේ මෙන්ම කලාපීය මට්ටමින්ද උසස්ම ප්රමිතීන් පවත්වාගෙන යෑමට මෙමඟින් ලැබෙන පිටුබලය අතිමහත්ය.
මෙම පුහුණු වැඩසටහනින් ලබාගත් ප්රායෝගික දැනුම සහ නව උපායමාර්ග ඉදිරියේදී දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා ජාලය වෙත යොදවමින්, ආයතනික වර්ධනය තවදුරටත් වේගවත් කිරීමට අපේක්ෂිතය. ඉදිරි කාලය තුළ ශ්රී ලංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නව සන්ධිස්ථාන ස්පර්ශ කරමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට මෙම නායකත්ව සංවර්ධන වැඩසටහන් මනා රුකුලක් වනු ඇති බවට සමාගම විශ්වාසය පළ කරයි.
















