• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2025 දී එක් පවුලකින් රු. 18,800 ක් බද්දක් අය කරන්න රජයේ සුදානම් – මන්ත්‍රී අසෝක අබේසිංහ

24 November 2023
in දේශීය

ආණ්ඩුව මේ වසරට අමතරව ලබන වසරේදී එක් පවුලකින් රුපියල් 18,800 ක් බදු ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක අබේසිංහ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එමෙන්ම රාජ්‍ය බැංකු ප්‍රාග්ධනීකරණයට රුපියල් බිලියන 450 ක් ණයට ගන්න රජය බලාපොරොත්තු වන බවත් එලෙස රුපියල් බිලියන 450 ක් ණයට ගැනීමේන් රටේ සෑම පුරවැසියෙක්ම ලබන වසරේදී තවත් රුපියල් 20,000 කින් ණයකරුවෙන් බවට පත්වන බවත් අසෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අසෝක අබේසිංහ මහතා ‘‘සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බව පවසමින් ඩයනා ගමගේ මහත්මිය වාරණ නියෝගයක් ඉල්ලලා තිබුණා. අද කොළඹ දිසා අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අලුත් වෙලා නැති නිසා සමගි ජනබලවේගයේ නායකත්වය හා ලේකම් ධූරය සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධූර දැරීම සුදුසු බව අධිකරණය අද තීන්දු කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ නායකත්වය සහ ලේකම් ධූරය තහවුරු වෙලා තිබෙනවා. මේ අතර 2019 ට පෙර රටේ ජනතාවට ආර්ථික වශයෙන් කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , පී බී ජයසුන්ද , අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස ගත් වැරදි තීන්දු තීරණ හේතුවෙන් රටේ ජනතාව විශාල අර්බුදයකට පත්වෙලා තිබෙනවා. රටේ සෑම ක්ශ්‍රේත්‍රයක්ම කඩා වැටීමට ලක්වුණේ මේ ආර්ථික ඝාතකයකින් නිසයි. ආර්ථික ඝාතකයකින්ට කිසිසේතම ගැලවිලා යන්න සමජි ජනබලවේගය ඉඩ ලබාදෙන්නේ නෑ. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මොවුන්ට දඩුවම් ලබාදීලා. ඔවුන් රටෙන් සොරකම් කළ ධනය රටේ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂ රේජීමයට නැවත බලය ලබාදෙන්න රටේ ජනතාව කිසිසේතම සූදානම් වෙන්නේ නෑ. රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ තිබුණ දුර්වලතා හේතුවෙන් රටට මේ තත්ත්වය ඇති වී තිබෙනවා. එමෙන්ම අමාත්‍යාංශවල සම්බන්ධීකරණයේ දුර්වලතාත මීට හේතු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති කියනවා සහල් අතිරික්තයක් තිබෙනවා කියලා. වෙළඳ ඇමැති කියනවා සහල් පිටරටින් ගේන්න ඕන කියලා. එකම කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු දෙදෙනෙක් කතා දෙකක් කියනවා. ඉන්දියාව සහල් ආනයනය නතර කර තිබෙන නිසා අපට සහල් ගේන්න වෙන්නේ වෙනත් රටකින්. ඒ සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් යනවා.

සීනි බද්ද ශත 25 දක්වා අඩු කිරීමේන් බිලියන 16 ක් තමන්ගේ ගජ මිතුරන්ට උපයන්න අවස්ථාව හදලා දුන්නා. සිනි බද්ද රුපියල් 50 කින් වැඩි කිරිම හරහාද සිදුවුණේ ආණ්ඩුවේ ගජමිතුරන්ට මුදල් උපයන්න අවස්ථාව උදා කර දීමක්. සීනි බද්ද රුපියල් 50 දක්වා වැඩි කළ අවස්ථාවේ රට තුළ සීනි මෙට්‍රික්ටොන් 18,000 ක් පමණ තිබිලා තියෙනවා. ඒ සීනි තොගය ආනයනය කරලා තිබෙන්නේ සීනි බද්ද ශත 25 ක් කර තිබෙන කාලයේ. පසුගියදා සීනිවල මිල පාලනය කරලා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ගැසට් එක නිකුත් කරන්න කලින් සීනි කිලෝවක මිල තිබුණේ 255 ක් ලෙසයි. නමුත් 295 ක් ලෙස සුදු සීනී ද , රුපියල් 350 ක් ලෙස රතු සීනිවලද මිල පාලනය කරලා ගැසට් නිවේදනයක් නිකුත් කළා. මේ වනවිට රටේ සීනි හිඟයක් තිබෙනවා. සතොසෙන් සිනි කිලෝවක් දෙනවලු 275 ට. සීනි කිලෝවක් අරං ජනතාව මොනවා කරන්නද? සීනි බද්ද සමඟ රුපියල් 350 දක්වා සීනි කිලෝවක මිල වැඩි වෙන්න පුලුවන්. 2024 අයැවැයෙන් ජනතාවට සහන දෙනවා කිව්වාට ලබන වසරේ ජනතාවට විශාල ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. වැට් බදු අය නොකරන භාණ්ඩ හා සේවා 138 කට වැට් බද්ද අය කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඉන්ධන සඳහා , ප්‍රවාහන සේවාව සඳහා ,වැට් බද්ද අය කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව මේ වසරට අමතරව ලබන වසරේදී එක් පවුලකින් රුපියල් 18,800 ක් බදු ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක් ද විශ්‍රාමිකයන්ට රුපියල් 2500 ක් දීමනා වැඩි කරලා රුපියල් 18,800 ක් බදු ලෙස අය කරගන්නවා. අයවැයේදී ප්‍රකාශ කළා රාජ්‍ය වියදම බිලියන 6978 ක් කියලා. මේවනවිට රාජ්‍ය වියදම බිලියන 11,243 ක් බවට පත්වෙලා තිබෙනවා. 2024 අයවැය යෝජනාවලින් රටේ ණය පිළිබඳ කිසිදු සඳහනක් නෑ. 2020 දී ට්‍රිලියන 13 ක් 2023 ට්‍රිලියන 31 දක්වා වැඩිවෙලා තිබෙනවා. ජාත්‍යන්තර අරමුදල කියලා තියෙනවා රටේ දළ දේශීය නිෂ්පාදනයේ තිබෙන සියයට 135 ක ණය 2021 වනවිට සියයට 95 දක්වා අඩු කරන්න කියලා. රාජ්‍ය බැංකු ප්‍රාග්ධනීකරණයට රුපියල් බිලියන 450 ක් ණයට ගන්න රජය බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න සිදුවෙලා තිබෙන්නේ රාජ්‍ය බැංකුවල අක්‍රීය ණය සියයට 13 ක් බවට පත්වෙලා තිබෙන නිසා. රුපියල් බිලියන 450 ක් ණයය ගැනීමේන් රටේ සෑම පුරවැසියෙක්ම ලබන වසරේදී තවත් රුපියල් 20,000 කින් ණය කරුවෙන් බවට පත්වෙනවා. දැන් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය පහලොස් ලක්ෂයයි. අයවැයෙන් බලාපොරොත්තු වන බිලියන 3900 වෙනුවට බිලියන 7350 ණය සීමාව වැඩි කරන්නද රජය බලාපොරොත්තු වෙනවා. ඒ තුළිනුත් රටේ ජනතාව ණය කරුවන් බවට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරුණොත් දරුවන් පාසල් යවන්න නොහැකි වෙයි කියලා. දැනටත් පාසල් යන දරුවන් ප්‍රමාණය අවම වෙලා තිබෙනවා. හතර දෙනෙකුගේ යුත් පවුලකට කෑමට පමණක් රුපියල් 65,000 ක් පමණ යන බවත් මාසයට සාමාන්‍ය වියදම රුපියල් එක්ලක්ෂ එකොලොස්දහක් යන බවත් රජය පවසනවා. මෙවැනි මාසික ආදායමක් රටේ බහුතරයකට ලැබෙන්නේ නෑ. අස්වැසුම සඳහා පවුල් තිස් හත් ලක්ෂයක් ඉල්ලුම් කරලා තිබෙනවා. නමුත් දැනට අස්වැසුම ලබාදීලා තිබෙන්නේ පවුල් දහතුන් ලක්ෂයට පමණයි. අස්වැසුම සඳහා සිදුකළ පරීක්ෂණ වලත් විශාල දුර්වලතාවයක් තිබෙනවා.” යැයි මන්ත්‍රී අසෝක අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 21
Previous Post

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහතට – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

විද්‍යුත් නාවික සිතියම් නිර්මාණ කටයුතු කඩිනමින් කරනවා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

editor

editor

Next Post

විද්‍යුත් නාවික සිතියම් නිර්මාණ කටයුතු කඩිනමින් කරනවා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved