27 April 2024
#දේශීය

කෘෂි ඉඩම් ගැටලු විසදීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා යයි 

මී මුරේ ප්‍රදේශයේ කෘෂි ඉඩම් පිළිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත් 28 දා පැවැත්විණ.

එහීදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මී මුරේ ප්‍රදේශයේ ජනතාවට තම කාර්යාලය වෙත ගෙන්වීමෙන් එම ජනතාවට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ගැටලු විමසීම මී මුරේ ගම්මානය වෙත ගොස් සිදු කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

ඒ අනුව මීමුරේ සුදර්ශනාරාම විහාරස්ථානය වෙත එම කෘෂි ඉඩම් ගැටලු පවතින ජනතාව රැස්කර ඒ සම්බන්ධයෙන් වන කඩිනම් පියවර සාකච්ඡා කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (15) කටයුතු කර තිබුණි .

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසදර වැඩසටහන යටතේ ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ මායිම් ව එදා හුදකලාව කිසිවකුගේ අවධානය නිසි ලෙස නොලත් මීමුරේ ගම්මානයේ ගැටලු රැසකට පිළියම් ලැබී තිබුනද, නිසි ලෙස නිරාකරණය නොවු ඉඩම් ගැටළු විසදීම ‍කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු වු අතර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති බී.මඩුගල්ල, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) නිශ්ශංක එස්.නිශ්ශංක, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභික කේ.විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.

පර්චස් 60 සීමාව අක්කර 2ක් දක්වා ඉහළට ගෙනෙමින්ද පවුලේ දරුවන් සදහා අනු බෙදීම් මගින්ද හැකිතාක් ජනතාව වෙත සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුකාරවරයා හා නිලධාරීන් ගත් පියවරයන් පිලිබද මීමුරේ ජනතාව විසින් අගය කිරීම ද මෙහිදී සිදු වු අතර, ජනතාවට සිය ගැටලු සෘජුවම ආණ්ඩුකාරවරයා වෙත යොමුකිරීමට මෙහිදී අවස්ථාව සැලසී තිබු අතර, ආණ්ඩුකාරවරයා විසින් එම ගැටලු වල නෛතික වතාවරණය ද පහදා දෙමින්, වසර දශක ගණනාවක් නොවිසිදුණු ගැටළු රැසක් සදහා විසදුම් දෙන්න හැකියාව ලැබීම සතුටක් බව සදහන් කර සිටි අතර, නීතිමය වතාවරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නොමැතිකමින් ඇතිවූ මෙන්ම නොසලකා හැරීම නිසා ප්‍රශ්න රැසක් ම ඇතිවී ඇතිබවත්, මී මුරේ වැනි සංවේදී කලාප තුළ පරිසරය රැක ගනිමින් එම පරිසරය අද පරපුරට මෙන්ම අනාගත පරපුරට සුරක්ෂිත කිරීම සිදුකළ යුතුව පවතින බවත්, ඒ මත මීමුරේ ආර්ථිකය පදනම වැටී ඇති බවත් එය රැක ගනිමින් එදිනෙදා කටයුතු හා තිරසාර සංවර්ධන වැඩසටහන් මෙම කලාපයේ සිදුකිරීම අවශ්‍යව ඇති බවත් ප්‍රකාශ කරන ලදී. අදාල සාකච්ඡාවෙන් අනතුරව ප්‍රදේශයේ ‍කෘෂි ඉඩම් වල නිරීක්ෂණ චාරිකාවට නිරත වීමට ද මධ්‍යම ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබු අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව, මැනුම් දෙපාර්තමේන්තුව, ආදී සියලු පාර්ශවයන් සහභාගී වීම තුළින් ජනතාවගේ ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් මධ්‍යම ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන ජනතාවගේ පැසසුමට ද ලක්විය.

 

දේශපාලඥයා වතුර වගේ .. හැම හැඩයක්ම ගන්න පුළුවන් – ගයාෂාන් නවනන්ද

Leave a comment

Your email address will not be published. Required fields are marked *