27 April 2024
#දේශීය

බංකොලොත් වෙච්ච රටක බංකොලොත් අයවැයක් – මන්ත්‍රී කාවින්ද

ඉතිහාසයේ පලමු වතාවට බංකොලොත් වෙච්ච රටක බංකොලොත් අයවැයක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා අද(18) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසුවේ වත්මන් රජයට ජනතා ප්‍රසාදයක්වත් ජනමතයක්වත් නොමැති බවයි. එසේම රට බංකොලොත් තත්ත්වයට ඇද දාපු පිරිස් ආර්ථික බිංදුවට දාපු පිරිස් මේ රට පාලනය කරගෙන යන බව හෙතෙම පැවසිය.

එදා අපි IMF එකට යන්න කිව්වාහම අජිත් නිවාඩ් කබ්රාල් මහතා කිව්වේ අපේ රටේ ඩොලර් තිබෙනවා අපි ඇති තරම් සංචිත තිබෙන බව පැවසු අතර අපව තුට්ටුවකට ගණන් ගත්තේ නැති බව ජයවර්ධන මහතා පැවසිය. රටේ ආර්ථිකය ඝාතනය කරපු කබ්රාල්ලා පොත් ලියන බවත් තමාට බයක් තියෙනවා එවැනි පොත් කියවාවිද යන්න පිලීබඳ ඔහු අවධාරණය කලේය.

කෝටිපති ව්‍යාපාරිකයින්ට ලබා දුන් බදු සහන නිසා අපේ රටේ ආදායම කඩා වැටු බවත් එය පියවා ගැනිමට මුදල් අච්චු ගැසු බව ජයවර්ධන මන්ත්‍රීවරයා සිහිපත් කලේය.

මෙවැනි කාරණා රටේ සිදුවි ඇති නමුත් මෙවර අයවැය තුලිනුත් රටේ ජනතාව බලාපොරොත්තු වුනා යම් සහයක් ලැබෙවි යැයි බව හෙතෙම පැවසිය. නමුත් එවැනි සහන ලබා දීමක් මෙවර ඉදිරිපත් කල අයවැය තුළ නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

රට ගොඩගන්න තියෙන සැලැස්ම ඉදිරිපත් කල අයවැය තුළ නොමැති බවත් එය ප්‍රයෝගික නොවන අයවැයක් බවත් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *