27 April 2024
#දේශීය

මධ්‍යම ආණ්ඩුකාරවරයා මහනුවර උතුර ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණය කෙරේ

ඉකුත් දා පැවති මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මහනුවර ජනතාවට ජල පහසුකම් ගුණාත්මකව ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මහනුවර උතුර ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල පවිත්‍රා ගාරයේ කටයුතු පසුගිය 28 වනදා නිරීක්ෂණය කෙරිණි.

එහිදී එම ජල පවිත්‍රාගාරයේ ප්‍රායෝගික තත්ත්වය නිරීක්ෂණය කරමින් ජනතාවට කඩිනමින් ජල පහසුකම් සපයා දීම වෙනුවෙන් මෙන්ම ගුණාත්මක ජල සැපයුමක් ලබාදීම වෙනුවෙන් ද ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු සාකචඡා වු අතර, මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *