මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගත් බව කියන සිද්ධියකට අදාළව එම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය.
මෙම සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගත් මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරියා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, එම නිලධාරියාගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය.
අල්ලස් කොමිසම විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර කරුණු දක්වමින් මෙම නියෝග ලබා ගත් අතර, සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන ද අධිකරණයේදී නිරීක්ෂණය කෙරිණි.
















