මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දිර්ඝ කාලයක් තාවකාලික, අසම්පූර්ණ සහ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ සේවකයන් 70 දෙනකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී. විජේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තාක්ෂණ නිලධාරී, වැඩපරිපාලක, රියැදුරු සහ කම්කරු වැනි වෘත්තීන්හි නියුතු වූ පිරිසකට මෙම පත්වීම් ලබා දී ඇති අතර, 2019 සැප්තැම්බර් 01 වන විට දින 180ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සහ අදාළ තනතුරුවලට අවශ්‍ය අධ්‍යාපනික මෙන්ම වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම පදනම් කරගනිමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇත.














