27 April 2024
#දේශීය

ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාවට කෝටි 5000 ගෙවයි

ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගෙවීමට තිබු රුපියල් කෝටි 8500ක මුදලින් රුපියල් කෝටි 5000ක් කොවිඩ් 19 නිසා ඉන්ධන මිල අවම වීම මත පනවන ලද විශේෂ බද්ද යටතේ ලැබුනු ආදායමින් ගෙවා දැමු බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) පස්වරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති මහජන හමු කිහිපයකට සහභාගි වෙමිනි.

කොවිඩ් 19 නිසා ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටේ සමස්ත ජනතාවට ලබා දීමට රජය පියවර ගත් බවත් ඒ් අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අවම වීම මත ඉන්ධන ලීටරයකට රුපියල් 26ක විශේෂ බද්දක් පනවන ලද අතර ඉන් ලැබුන ආදායම මහාභාණ්ඩාගාරය යටතේ විශේෂ අරමුදලකට ඇතුළත් කළ බව හෙතෙම පැවසිය.

පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 8500කට වඩා ණය ගෙවිය යුතුව තිබුනා. නමුත් කොවිඩ් 19 සමග ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොලේ පහළ යාම මත පනවන ලද විශේෂ බද්ධ යටතේ ලැබුනු ආදායමෙන් රුපියල් කෝටි 5000ක් විදුලි බල මණ්ඩලය තිබුනු ණය ගෙවා දැමීමක් වශයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට පියවර ගත්තා යැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *