ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 495 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407 කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478 කි. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285 ක් දක්වා සංශෝධනය වී ඇත.
