ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් පෙට්‍රල් මිල ගණන් පහත හෙළීමට තීරණය කර ඇති අතර, එම නව මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399 කි (පැවති මිල රුපියල් 414 කි). එසේම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475 කි (පැවති මිල රුපියල් 495 කි). කෙසේ වෙතත්, ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු කර නොමැත.
















