ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය, මානුෂීය සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන් නංවාලීම අරමුණු කරගනිමින් කැනඩාවේ ‘චාස් ඕගනික්ස්’ (Cha’s Organics) කාබනික ආහාර සමාගම සහ ‘ඉන්ෆිනිට් ග්‍රේස්’ (Infinite Grace Foundation) පදනම අතර දිගුකාලීන ජාත්‍යන්තර හවුල්කාරීත්වයක් ඇති කර තිබේ.
මෙම පදනමේ ‘උරුමයේ හවුල්කරු’ (Legacy Partner) ලෙස කටයුතු කරමින් චාස් ඕගනික්ස් සමාගම මූල්‍යමය ආධාර සැපයීමට නියමිත අතර, තෝරාගත් නිෂ්පාදනවල අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් පදනමේ වැඩසටහන් පුළුල් කිරීමට යොදවා ගැනීමටද අපේක්ෂා කෙරේ. සදාචාරාත්මක ව්‍යාපාරික සංකල්ප, සාධාරණ වෙළඳපොළ සහ ප්‍රජා සුභසාධනය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් පුළුල් මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය.














