පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය මත නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක හෙට (26) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.














