එච්.එස්. (HS) කේතය යටතේ මෙරටට භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල වන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. රජය විසින් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්න මඟහරිමින් සිටින බවත්, මේ හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, විදේශ රැකියා ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම සහ පොලීසියේ පවතින විවිධ පරිපාලන ගැටලු පිළිබඳව ද මන්ත්‍රීවරයා මෙහිදී සිය අවධානය යොමු කළේය. රජය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා වෙනුවට කර්මාන්තකරුවන් මුහුණ දෙන මෙවැනි ප්‍රායෝගික ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















