පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ප්රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව ශ්රී සංඝරාජ මාවත, කින්සි පාර, පංචිකාවත්ත මාර්ගය සහ බේස්ලයින් මාර්ගයේ යම් කොටසක් මෙලෙස ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් එම මාර්ග භාවිත කරන රියැදුරන්ට සහ මගීන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් විමසිලිමත් වන ලෙසත් ආරක්ෂක අංශ දැනුම් දෙයි.














