අයි.සී.සී. (ICC) කාන්තා ක්‍රිකට් විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. මීට පෙර ඇය පසුවූයේ පස්වන ස්ථානයේය.
මෑතකදී නිමාවට පත් වූ බංග්ලාදේශ තරග සංචාරයේදී ඇය දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම සිදුව ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ නවසීලන්ත ක්‍රීඩිකා අමීලියා කර් පසුවෙයි.














