21වන සියවස නිසැක වශයෙන්ම සමාජවාදයේ සියවස බවත්, කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව වෙනුවෙන් අවසාන ජයග්‍රහණය උදා කර ගන්නා බවත් චමීර කොස්වත්ත මහතා පවසයි.
දේශපාලන හා සමාජීය වෙනසක් උදෙසා තමන් නියෝජනය කරන පන්ති අරගලය ඉතා තීරණාත්මක බවත්, මෙම සියවස තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා වූ අභියෝගය ජයග්‍රහණයෙන් අවසන් කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














