ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (German Tech) වාහන කාර්මික පුහුණුවේ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින්, Robert Bosch ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම අත්සන් කිරීම ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේදී සිදු විය. ඒ සඳහා Robert Bosch ආයතනය නියෝජනය කරමින් එහි කලාපීය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (ඉන්දියාව) සන්දීප් කමත් (Sandeep Kamath) මහතා සහ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් / විදුහල්පති ඉංජිනේරු ආර්. ඒ. ඩී. එස්. ශාන්ත මහතා අත්සන් තබන ලදී.
මෙම අවස්ථාව සඳහා Bosch මූල්‍ය පාලන ප්‍රධානී ශාමින්ද ප්‍රසාද්, ජර්මන් ටෙක් ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු නිෂ්පාදන හා සේවා (වැඩ බලන) ජේ. ඒ. ඩී. එල්. සිරිකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














