පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ක්රියා කරන ආකාරයටම ඉදිරියේදී සෙසු ආගමික නායකයන්ද මෙලෙස ඉලක්ක කරනු ඇති බව එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක, හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී මාධ්ය අමතමින් ඔහු සඳහන් කළේ, ඇතැම් පිරිස් භික්ෂූන් වහන්සේලා හඳුන්වන්නේ ‘පඩඩ භික්ෂූන්’ ලෙස බවයි. එහෙත්, 1989 කැරලි සමයේදී කුඩාපොළ රාහුල බලකාය බිහි කර භික්ෂූන් වහන්සේලා 42 නමක් ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් බව හිටපු අමාත්යවරයා සිහිපත් කළේය. එබැවින්, ඉදිරියේදී මර්දනයට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් සෙසු ආගමික නායකයන්ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















