බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දීම වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය ඇතුළු බෞද්ධ සංවිධාන එක්ව සංවිධානය කර ඇති ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්රාව’ අද (13) වරකාපොළින් ආරම්භ කිරීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ මෙම පාද යාත්රාව කඩුගන්නාව සහ කෑගල්ල හරහා මේ වන විට වරකාපොළ වෙත ළඟා වී තිබේ. අද දින වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ගමන් කිරීමට නියමිත මෙම පාද යාත්රාව, හෙට (14) නිට්ටඹුවේ සිට කඩවත දක්වාත්, අනිද්දා (15) කඩවත සිට කොළඹ කොටුව දක්වාත් ගමන් කිරීමට නියමිතය. සිරදඬුවම් නියමව සිටින ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ‘ශ්රී ලංකික යුතුකම ඉටු කරමු’ තේමාව යටතේ අත්සන් ලක්ෂ 50ක් එකතු කිරීමේ වැඩසටහනක් ද මහා සංඝරත්නයේ සහ ගිහි පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ක්රියාත්මක වේ.
















