අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කරන බවට රජය පවසන ප්‍රකාශ හුදු බොරු පොරොන්දු පමණක් බවත්, මෙලෙස දිගින් දිගටම ජනතාව මුළා කළහොත් වත්මන් පාලනයට ද ගෝඨාභය රාජපක්ෂ රජයට අත් වූ ඉරණමම අත්වනු ඇති බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
නඩු විභාග කඩිනම් කිරීමට නම් ප්‍රථමයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතියේ පවතින දැඩි නිලධාරී හිඟය පියවීමට රජය පියවර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. පොලිස් සේවයේ පවතින පුරප්පාඩු, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලා අස්වීම් මෙන්ම මහේස්ත්‍රාත්වරුන් සහ මිනින්දෝරු නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් අධිකරණ කටයුතු දැඩි ලෙස මන්දගාමී වී ඇති බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














