වත්මන් යුධමය ගැටුම් ආරම්භ වූ තැන් පටන් මේ දක්වා සතුරාට අයත් ගුවන් යානා 200කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව බිම හෙළීමට තම හමුදාවන් සමත් වූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ. Al Jazeera පුවත් සේවය මෙම තොරතුර විශේෂ පුවතක් ලෙස වාර්තා කර ඇත.
කලාපය තුළ යුධමය නොසන්සුන්තාව සහ ප්‍රහාර තීව්‍ර වී ඇති පසුබිමක ඉරානය විසින් සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ දෙරට අතර ගුවන් සටන් සහ ගුවන් ආරක්ෂණ හැකියාවන් පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වී තිබේ.














