කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ නම භාවිත කරමින් පුද්ගලයන් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් මුදල් ඉල්ලීම් සහ විවිධ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වන බවට තොරතුරු වාර්තා වී තිබේ.නියෝජ්‍ය අමාත්‍යවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාකාරකම්වලට හසු නොවී සිටින ලෙස මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි. ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම අවභාවිත කරමින් ඇමතුම් ලබාදෙන කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන්, පුද්ගලික තොරතුරු හෝ නිල ලේඛන හුවමාරු කරගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා, යම් හෙයකින් එවැනි සැකකටයුතු දුරකථන ඇමතුම් හෝ පණිවිඩ ලැබෙන්නේ නම් ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානයට හෝ අදාළ වගකිවයුතු අංශ වෙත දැනුම් දෙන ලෙසත්, මෙවැනි සංවිධානාත්මක වංචාවලට හසු නොවී නිරන්තර අවධානයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් අවධාරණය කර සිටී.














