චාවකච්චේරිය මූලික රෝහලේ අංගසම්පූර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා හෙට (19) මුල්ගල තැබීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 282.52ක්.
උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.
ඉදිකිරීම් කටයුතු 2027 අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව රෝහලේ සෝපානයක් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 53ක මුදලක් උතුරු පළාත් සභා ප්‍රතිපාදන යටතේ වෙන් කර තිබෙනවා. එම ව්‍යාපෘතිය 2027 මැයි මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.














