අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටි අනාරක්ෂිත ස්ථානයකින් නිල්වලා ගඟට ඇද වැටුණු සූපවේදියෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස අතුරුදන්ව ඇත්තේ මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු ගාල්ල ප්‍රදේශයේ පිහිටි තම රැකියා ස්ථානය බලා යාම සඳහා අකුරැස්ස නගරයට පැමිණ ඇති අතර, බස් රථයෙන් බැස සෙරෙප්පුවක් පැළඳීමට උත්සාහ කිරීමේදී ලිස්සා ගඟට ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බව ඔහුගේ බිරිඳ විසින් තහවුරු කර ඇත. අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතත්, අධික ජල ප්‍රවාහය හේතුවෙන් මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.














