පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු විසින් සිදුකරන ලද ලිංගික අතවර සම්බන්ධයෙන් එම පීඨයේ සහකාර කථිකාචාර්යවරියක ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව මගින් එවැනි ලිංගික හිංසන වැලැක්වීම සදහා සුදුසු පියවර ගන්නා ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට සහ වගඋත්තරකරුවන් වෙත පසුගියදා නියෝග කොට තිබුනි.
එවැනි පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරිනියකට ආරක්‍ෂක පරීක්‍ෂකවරයෙකු විසින් සිදුකරන ලද ලිංගික අතවර සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන, ඔහුට අනුග‍්‍රහය සැලසීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් වින්දිත කාන්තාව විසින් අගමැති හරිනි අමරසූරිය වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වෙත අගමැති කාර්යාලය විසින් දැනටමත් දන්වා යවා ඇත.
ඊට පසුබිම්වන කථාව මෙසේය…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්‍ෂක නියාමකවරියන් විසින් තමනට සිදුවන ලිංගික බලහත්කාරකම් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යතුමිය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාර විමර්ශන සිදු කල පේරාදෙණිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලලිත් වීරසිංහ නම් ආරක්‍ෂක පරීක්‍ෂකවරයා සැකකරුවකු ලෙස නම් කරමින් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.
මෙම නඩු කටයුත්ත සදහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී අදාල සැකකරු පසුගිය මාර්තු ජනවාරි 22 වන දින නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබෙන අතර අධිකරණය විසින් අදාල සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කටයුතු කර තිබේ.
අදාල සැකකරු ජනවාරී 22 වන දින අධිකරණය වෙත ඉදිරිපත්ව ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදීම වන අතර ඔහුට ඇප අත්සන් කර තිබෙන නුවන් ගලගොඩ නැමැති පුද්ගලයාද එදින රාජකාරියේ නිරතව සිට ඇත.
ඒ අනුව රාජකාරී වේලාවේදී අපරාධ අධිකරණ කටයුත්තකට අධිකරණය වෙත ඉදිරිපත්වීමත්, ඒ සදහා රාජකාරීයේ යෙදී සිටින තැනැත්තෙකුම යොදවා ඇප තැබීමට සැලැස්වීමත් මගින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි බලධාරීන් අදාල අපරාධ කරුට නීතිවිරෝධී අයුරින් අනුග‍්‍රහ සලසමින් කටයුතු කර ඇති බවට වින්දිත කාන්තාව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිට ඇත.
– අග්නි සපුමල් බංඩාර














