චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකරන ලද කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන අවසන්ව ඇත.
තෙවන අදියරේ 11 වන දිනය ලෙස අද (08) ක්‍රියාත්මක වූ කැණීම්වලදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇති අතර, ඉන් සිරුරු දෙකක් ගොඩගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව තෙවන අදියරේ කැණීම් ආරම්භ කළ දා සිට අද දිනය දක්වා පමණක් මිනිස් අස්ථි කොටස් 17ක් සොයාගෙන ඇති බව සඳහන් වේ.














