ඉරානය තවදුරටත් යුද්ධයකට අවතීර්ණ වන්නේද, නැතහොත් සටන් විරාමයකට එකඟ වන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ පරම බලය එරට උත්තරීතර නායක මොජ්ටබා කමේනි සතුව පවතින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) ප්‍රකාශ කරයි.
යුද හෝ සටන් විරාම තත්ත්වයන් ඇගයීම උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සතු වුවද, අවසන් තීන්දුව නායකයා විසින් ගන්නා බව ඔහු පෙන්වා දෙයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුදාමය තර්ජන හමුවේ තාවකාලික එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් විවේචන එල්ල වුවද, ඉරානය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයට සූදානම් බව ජාත්‍යන්තරයට පෙන්වීමට එමගින් අවස්ථාව ලැබුණු බව ද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














