චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිතව සිදු කෙරෙන කැණීම් කටයුතු අදට (07) 100 වන දිනයට එළඹ ඇති අතර, එතෙක් එම ස්ථානයෙන් ගොඩගත් මානව අස්ථි කොටස් සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
චෙම්මනි සමූහ මිනී වළේ තෙවන අදියරේ කැණීම් කටයුතු සඳහා අධිකරණය විසින් දින 56ක කාලයක් අවසර ලබා දී තිබූ අතර, වත්මන් කැණීම් අදියරේ 46 වන දිනය අදට යෙදී තිබුණි.
මෙම කැණීම් කටයුතුවල 100 වන දිනය වන අද දින පමණක් නව මානව අස්ථි කොටස් කට්ටල 8ක් සොයාගෙන ඇති අතර, ඒ අනුව මේ වන තෙක් හඳුනාගත් මුළු අස්ථි කට්ටල සංඛ්‍යාව 507 කි. ඉන් අස්ථි කට්ටල 501ක් මේ වන විට සම්පූර්ණයෙන්ම කණිනු ලැබ ගොඩගෙන ඇති බව වාර්තා වේ.














