• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දකි

13 December 2020
in දේශීය

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන නිවාසවල සිටින දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් යොදාගනිමින් මුද්‍රණය කරන ලද සුබපැතුම්පත් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා කොළඹදී අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

විදේශයන්හි සිට පැමිණ මෙරට වෙසෙන පුද්ගලයන්ගේ සංවිධානයක් වන Colombo Expats Cultural Association (CECA) විසින් මෙම සිතුවම් නිර්මාණ තරගය සහ එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබේ.

කොවිඩ් අභියෝගය හමුවේ බොහෝ දේ නතර වී ඇති මෙවන් කාලපරිච්ඡේදයක CECA සංවිධානය විසින් මෙරට ළමා නිවාසවල දරුවන් සම්බන්ධ කරගනිමින් නිර්මාණාත්මක කටයුත්තක යෙදීම අතිශයින් ම අගය කරන බව මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ළමා නිවාස 369ක දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් 4,375ක් මේ වැඩපිළිවෙළ යටතේ හඳුනාගැනීමට හැකි වී ඇති අතර, ඒ අතරින් විශිෂ්ටතම සිතුවම් 60ක් තෝරාගෙන එම සිතුවම් සුබපැතුම්පත් ලෙස මුද්‍රණය කිරීමට CECA සංවිධානය ඒ අනුව කටයුතු යොදා තිබේ.

මුද්‍රණයට තෝරාගත් සිතුවම් ඇතුළත් සුබපැතුම් පත් ඉදිරියේ දී අලෙවි කිරීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට ද සංවිධානය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා, ළමා හා කාන්තා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා පාසල් සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, CECA සංවිධානයේ සභාපති කැප්ටන් බන්ජාරි මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

පුරා වස්තු කැණිම් කල 6 දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

පුරා වස්තු කැණිම් කල 6 දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved