27 April 2024
#දේශීය

දීර්ඝ කාලයක් වසා තිබු පාසැල්වලට යන්න දරුවන්ට හැකි වුණා – රාජ්‍ය අමාත්‍ය සනත්

අද රටේ පවතින තත්වයන් තුළ දීර්ඝ කාලයක් පාසැල් වැසි තිබුණ අතර නැවතත් දූදරුවන්ට පාසල් කරා පිය මැනිමට අද දින හැකියාව ලැබි ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

ඒ මහතා අද (21) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එසේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියලු කැපකීරීම් කර අද දින පාසලට පැමිණි ගුරුමැණිවරුන්ට පියවරුන්ට සහ විදුහල්පතිවරුන්ට හදවතින්ම ස්තූතිය පුද කර සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින් “දීර්ඝ කාලයක් කොවිඩ් වසංගතය නිසා දූදරුවන් පාසල් නොයා සිට නැවතත් දරුවන් අද පාසල් යන දවසයි. රජයේ තීරණයත් සමඟ අද දින දරුවන් 200 ට අඩු පාසැල් විවෘත කරලා තිබෙනවා. උදාහරණයක් ලෙස හලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ දරුවන් 200 අඩු පාසැල් 11ක් තිබෙනවා. එයින් 10 ක් අද මේ වෙද්දි ගුරුවරුන් විදුහල්පතිවරු, දරුවෝ සියල්ල ඇවිත් වැඩ ආරම්භ කරලා තිබෙනවා. මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියලු කැපකීරීම් කරලා අද පාසලට එන්න තීරණය කර ගුරුමැණිවරුන්ට, විදුහල්පතිවරුන්ට ඒ වගේම පාසැල්වලට යවපු දරුවන්ගේ දෙමාපියන්ට ද අපි හදවතින්ම ස්තූතිය පුද කරනවා.
අපි රජයක් හැටියට ලෝකයේ මේ වසංගතය මැඩපවත්වා ගත්ත, සාර්ථකව මුහුණ දුන්නු පළමු රටවල් 10 අතරින් 05 වන ස්ථානයට අද අපේ රට ඇවිත් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි වැක්සින්කරණය. ඒ සඳහා අපි දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. ඒ නිසා මේ වෙද්දි රට සියල්ලම පාහේ ඇරලා තිබෙනවා. ඒ වගේම කොවිඩ් 19 නිසා රටේ සංවර්ධනය ද නතර කරේ නෑ. මාර්ග කිලෝමිටර් ලක්ෂය වැඩසටහන අද මේ වෙද්දි සිදුකරගෙන යනවා. යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *