ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සංවිධානයට අයත් රටවල් සමඟ පවතින රේගු සහ කෘෂිකාර්මික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, එම රටවලින් සිදුවන කෘෂි සහ ආහාර නිෂ්පාදන ආනයනය පුළුල් කිරීමට චීනය පියවර ගෙන තිබේ.
චීනයේ ඩාලියන් (Dalian) නගරයේ පැවැති 3 වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට සමගාමීව චීන රේගු දෙපාර්තමේන්තුව විසින් APEC සාමාජික රටවල් සමඟ සහයෝගිතා ගිවිසුම් 6 කට අත්සන් තබා ඇත. ඉන් ගිවිසුම් 4 ක්ම නැවුම් පලතුරු සහ ජලජ නිෂ්පාදන ඇතුළු කෘෂි ආහාර නිෂ්පාදන චීන වෙළඳපොළට පහසුවෙන් ඇතුළු කරගැනීම සඳහා වන රේගු නිෂ්කාශන හා නිරෝධායන පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් අත්සන් කර තිබේ. දැනටමත් චීනයේ සමස්ත ආනයන වෙළඳාමෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ APEC කලාපයෙනි.
















