ශ්‍රී ලංකාව තුළ ශුන්‍ය විමෝචන (Zero-emission) පොදු ප්‍රවාහන තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම සහ කාර්මික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ‘Custom Denning’ විදුලි බස් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් විශ්වනාත් අපෝන්සු මහතා ද එක්ව සිටි අතර, ‘Custom Denning’ ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ස්කොට් ඩන් මහතා ඇතුළු උසස් නිලධාරීන් විසින් දූත පිරිස පිළිගෙන ඇත. පසුගිය ජූනි මාසයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ කළ නිල සංචාරයේ සාකච්ඡාවලට සමගාමීව සංවිධානය වූ මෙම සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තාක්ෂණික හා වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
















