චීන රජයේ මූල්‍ය ආධාර සහ ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road) සංකල්පය යටතේ කොළඹ, මහරගම ප්‍රදේශයේ ඉදිවන සහනදායී නිවාස ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යූහාත්මක ඉදිකිරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් කර තිබේ. චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ නාගරික අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීමේ සහ ඔවුන්ට ගුණාත්මක නිවාස ලබාදීමේ අරමුණින් දියත් කර ඇත.
සමස්ත ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එහි එක් ප්‍රධාන අදියරක් ලෙස නිවාස 112ක මූලික ව්‍යූහයේ ඉදිකිරීම් මෙලෙස සාර්ථකව නිම කර තිබේ. ප්‍රධාන ගොඩනැගිලි ව්‍යූහයේ වැඩකටයුතු අවසන් වීමත් සමඟ, ඉදිරි කාල සීමාව තුළ නිවාසවල අභ්‍යන්තර නිමවුම් කටයුතු සම්පූර්ණ කර අයිතිකරුවන් වෙත කඩිනමින් භාරදීමට කටයුතු කරන බව CHEC සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.
















