චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් සහ සමුද්‍රීය සමීක්ෂණ යාත්‍රාවක් තායිවානය සතු ප්‍රාටාස් දූපත් (Pratas Islands) ආශ්‍රිත මුහුදු කලාපයේ ඒකාබද්ධ මෙහෙයුමක නිරත වූ බව තායිවානය පවසයි. මෙය චීනය විසින් තායිවානය කුපිත කිරීම සඳහා සිදු කළ ප්‍රථම ඒකාබද්ධ ක්‍රියාවලිය ලෙස සැලකෙන බව තායිවාන වෙරළාරක්ෂක බළකාය නිවේදනය කරයි.
දකුණු චීන මුහුදේ උතුරු දෙසින් පිහිටි සහ තායිවානය විසින් පාලනය කරනු ලබන මෙම ප්‍රාටාස් දූපත්, තායිවානය සහ හොංකොං අතර පිහිටා ඇති උපායමාර්ගික වශයෙන් වැදගත් කලාපයකි. මෙහි සිවිල් ජනාවාස නොමැති අතර, තායිවාන වෙරළාරක්ෂක බළකාය මගින් ආරක්ෂාව සපයයි. මෙම දූපත් චීනයේ ප්‍රධාන දේශයට සාපේක්ෂව තායිවාන ප්‍රධාන භූමියෙන් කිලෝමීටර් 400කට වඩා ඈතින් පිහිටා ඇති බැවින්, චීන ප්‍රහාරයකට ලක්වීමේ වැඩි අවදානමක් ඇති බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.
තායිවාන වෙරළාරක්ෂක බළකාය නිවේදනය කළේ, පසුගිය සිකුරාදා චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් දූපත් වෙත පැමිණි අතර, ඉන් අනතුරුව සෙනසුරාදා චීන සමුද්‍රීය සමීක්ෂණ යාත්‍රාවක් ද එම ප්‍රදේශයට පැමිණි බවයි. චීනය තායිවානය සහ ප්‍රාටාස් දූපත් තම භූමියේ කොටසක් ලෙස සලකන නමුත්, තායිවාන රජය එම මතය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තම දූපත්වල අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ තායිවාන ජනතාවට පමණක් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීනයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
















