බදුල්ල පුංචි ශ්‍රී පාද කන්ද, බෝඹුරුඇල්ල සහ බඹරකන්ද දියඇල්ල රක්ෂිත ප්‍රදේශවල හටගත් හදිසි ගිනිගැනීම් හේතුවෙන් අක්කර සියයකට ආසන්න ප්‍රදේශයක් දැවී විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුගල්පිටිය පුංචි ශ්‍රී පාද කන්ද රක්ෂිතයේ ඊයේ (ජූලි 23) රාත්‍රියේ මෙම හදිසි ගින්න හටගෙන ඇති අතර, මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහන කටයුතු අදාළ අංශ විසින් සිදු කරමින් පවතී.














