‘ජන අරගල ව්‍යාපාරය’ විසින් අද (25) පස්වරුවේ කොළඹ කොටුවේදී සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කිරීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමඟ පොලීසිය ඊට බාධා කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්තාව ඇති විය.
විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ඉදිරියටම ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවීමට පියවර ගෙන තිබිණි.
















