කිරිබත්ගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේදී අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි, වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 5,000ක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.














