ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධාන රන්දෝලි මහ පෙරහර හෙට (25) රාත්‍රියේ අලංකාරවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතය.
සමන් දේවාල ඉතිහාසයේ පැවැත්වෙන 801 වන පෙරහර මෙය වන අතර, මෙවර පෙරහර සඳහා අලි ඇතුන් 35 දෙනෙකු සහ සබරගමු නැටුම් ඇතුළු නර්තන කණ්ඩායම් 36ක් එක්වීමට නියමිත බව බස්නායක නිලමේ හිෂාන් සංඛ මාපිටිගම මහතා පවසයි. ජූලි 25 සිට 29 දක්වා පැවැත්වෙන රන්දෝලි මහ පෙරහර මංගල්‍යය, ජූලි 30 වනදා රත්මල ඇල්ලේදී සිදුවන දියකැපීමේ මංගල්‍යයෙන් සහ දහවල් පෙරහරින් අනතුරුව සාර්ථකව නිමාවට පත්වේ.














