27 April 2024
#දේශීය

චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙක් – අගමැති

චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරෙකු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 73 වන චීන ජාතික දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් සංවිධානය කළ මිත්‍ර සමුලුව අමතමිනි. ශ්‍රී ලංකාවේ චීන තානාපති ‍චී චෙන්හොං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින කොළඹ සිනමන් ලේකසයිඩ් හෝටලයේදී පැවැත්විණි.

අනතුරුව උත්සව සභාව ඇමතූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ අතීතයේ සිටම චීනය ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරෙකු බවත් සැපේදි මෙන්ම දුකේදීත් ළඟින්ම සිටින්නේ කල්‍යාණ මිතුරන් බවයි. එබැවින් චීනය ශ්‍රී ලංකාවට සුවිශේෂී මිතුරෙකි. දෙරට අතර බැඳීම සහස්රල කීපයක් පැවති බව ලෝකප්රේකට ඉතිහාසඥ පාහියන් භික්ෂූන් වහන්සේගේ වාර්තා මගින් ද පැහැදිලි වෙයි.මීට දශක හතකට පෙර දෙරටේ රාජතාන්ත්‍රක සබඳතා නොතිබුණු යුගයක රබර් සහල් ගිවිසුම අත්සන් කිරීමට හැකිවිය.එම ජයග්‍රහණයේ හැත්තෑ වැනි සංවත්සරය මෙම වසර මුලදී සැමරිය. චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා වල හැටපස් වන සංවත්සරය මේ වසරේ දී සමරනු ලැබීමද ඓතිහාසික අවස්ථාවක් බවයි.
චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙකි. විශේෂයෙන් ආසියාව අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව ඇතුළු සියලු ජාතීන්ගේ සමෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කර තිබේ.එමෙන්ම චීනය ජාත්‍යාන්තර බලතුලනය වෙනස් කරන්න ගෝලීය දැවැන්තයකු බවට පත්වෙමින් සිටී.දේශපාලන, සමාජ ආර්ථික ,දිළිඳුකම පිටුදැකීම ,සංස්කෘතික , විද්‍යාත්මක ,තාක්ෂණික, පරිසරය ,පර්යේෂණ සහ අභ්‍යවකාශ ක්ෂේත්‍ර වල චිනයේ වේගවත් ප්‍රගතියට අප සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුය.ගෝලීය සමගිය හා මෙරට ජනතාවගේ සමෘද්ධිය සඳහා ශක්තිය ලබා දීමට දෙරටේ මිත්‍රත්වය තව තවත් වර්ධනය වනු දැකීම අපේක්ෂාව බවද අගමැතිවරයා කීවේය.

මහා සංඝරත්නය,එතෙර චීන ජාතිකයන්ගේ සංගමය, ශ්රීZ ලංකා චීන ව්යාමපාර මණ්ඩලය, ශ්රි ලංකාවේ සියලු දෙජනතා චීන මිත්රච සංගම් සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ හා චීනයේ සම්භාවනිය අමුත්තන් රැසක් එක්වි සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *