27 April 2024
#දේශීය

මං ලොසිංජරවලටරැවටෙන්නේ නෑ – විපක්ෂනායක සජිත්

තමන් දේශපාලනයේ අපරිනිත අයෙකු නොවන බවත් ලොසිංජරවලට තමන් නොරැවටෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තිස්සමහාරාම බෙරලිහෙළ දී ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනකට අද (30) එක්වෙමිනි.

ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත්, එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුනේ දින කීපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත්ප්‍රේමදාස මහතා පැවසිය.

මේ බව තේරුම් නොගැනීමට තරම් තමන් දේශපාලනයේ අපරිනිත අයෙකු නොවන බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා එවැනි ලොසිංජරවලට තමන් නොරැවටෙන බව ද පැවසීය.

ආණ්ඩුව තමන්ට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමන් ඉල්ලා සිටින්නේ එක ම එක දෙයක් බවත්,ඒ අන් කිසිවක් නොව මැතිවරණයක් බවත් හෙතෙම පැවසීය.

පුරවැසි අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති,අගමැති සහ ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයින් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයාව පත් කරගත් බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *